ගුවන් යානා පියාසර ක්‍රීඩා

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
3.2
සමාලෝචන ද16.8ක්
මි5+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම ක්‍රීඩාව ගැන

දක්ෂ ගුවන්යානා නියමුවෙකු ලෙස ඔබගේ දක්ෂතා ප්රදර්ශනයට ඔබ සූදානම්ද? ගුවන්යානා ගුවන් ගත කිරීම, සාමාන්ය ගොඩබැස්සවීම, ආරක්ෂිත සහ හදිසි ගොඩ බැස්සවීම, ගුවන් ගත වීමට පෙර හා පසු සූදානම සහ ගුවන් ගමන් සුරක්ෂිතතාවය පිළිබඳ ව මනා පුහුණුවක් ලබා ගැනීමට ඔබට අවශ්ය ද ? එසේ නම් ඒ සඳහා ඔබට ලැබෙන හොඳම අවස්ථාව ගූගල් ප්ලේ ඔස්සේ නොමිලයේ බාගත හැකි ගුවනයානා ක්රීඩා 2022 පියාසැරි ත්රිමාණ සජීවී සමාකෘතියයි.

ද්විත්ව ගුවන් නියමු කුටි සහිත ජෙට්යානාවල ක්රීඩා පුහුණුවීම් කටයුතු සිදුකළ කාලය අවසන් කර ගුවන් යානා අණ දෙන නිලධාරියෙකු ලෙස නවීන තාක්ෂණයෙන් යුත් ඔබගේම ගුවන් යානයක් තනියම මෙහෙයවීමේ අවස්ථාව ගුවන්යානා ක්රීඩා 2022 මගින් ඔබට ලබා දෙයි. ත්රිමාන පියාසර සමාකෘති ගුවන් යානා ක්රීඩාවේ දී විස්මිත හා පුදුමාකාර පරිසරයක ඔබගේ මගී ගුවන් යානා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා, පුද්ගලික ජෙට්, එයාර් බස්, යුධ ගුවන් යානා සහ වාණිජ ගුවන්යානා හසුරුවමින් ගුවන්නියමුවෙකු ලෙස පියාසර ක්රීඩාවෙහි යෙදීමේ අවස්ථාව ඔබට ලැබේ.

මෙම ගුවන්යානා ක්රීඩාව, ඔබගේ ගුවන් යානා පියාසර කිරීමේ කුසලතාවය අංශ තුනක් යටතේ පරික්ෂා කර බලයි. ඒවා නම්, දිවා කාලයේ ගුවන් ගමන්, ගුවන් ප්රදර්ශන ගුවන් ගමන් සහ කුණාටු සහ කැළඹිලි සහිත දුෂ්කර කාලගුණ තත්ත්වයන් යටතේ පියාසර හැකියාවයි. අනෙක් කිසිදු පියාසර ක්රීඩාවකදී ඔබට අත්විඳීමට නොලැබෙන ගුවන් කරණම් මගින් ජයගත යුතු බාධක වලට මුහුණදීමට මෙම ගුවන්යානා පියාසර ක්රීඩාව හොඳම අවස්ථාවයි. දුෂ්කර ගුවන් ගමන් වලදී, ඔබේ ගුවන්යානා මැනවින් හසුරා ගැනීම සඳහා සුළං දිශාව සහ වේගය මගින් ලබාදෙන දත්ත අනුගමනය කළ යුතු අතර, ත්‍රිමාණ සජීවීකරණය ඔස්සේ සිත්ගන්නාසුලු ගුවන් සන්දර්ශන නැරඹීමේ සහ ගුවන් කරනම් දැක්වීමේ හැකියාව ඔබට ලැබේ. එමෙන්ම ගුවන්යානා අනතුරු ඉතාමත්ම සජීවී ආකාරයෙන් නිමවා තිබේ. ගුවන් සංදර්ශනයකදී ගුවන් නියමුවාගේ මෙන්ම නරඹන්නන්ගේ ද ජීවිතවල වගකීම ගුවන් නියමුවා විසින් දැරිය යුතුයි. හදිසි අවස්ථාවකදී ගුවන්යානයක් කඩා වැටෙද්දී ගුවන්යානයෙන් නික්මී පැරෂුටයක් ආධාරයෙන් ගොඩබැසීම හැර තවත් වගකීම් රාශියක් අණදෙන ගුවන් නියමුවෙක් සතුය. එම අවස්ථා හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම දක්ෂ ගුවන් නියමුවකුගේ ලක්ෂණයකි. එය දක්ෂ ගුවන්යානා අණ දෙන නිලධාරියෙකු වීම සඳහා සුදුසු කමකි.

2022 ගුවන් යානා ක්රීඩා සමාකෘතියේදී ගුවන් කරණම් සන්දර්ශන බැලීම සඳහා විශාල මිනිසුන් පිරිසක් ඒකරාශී වෙයි. එම අවස්ථාවන්හිදී ඔබගේ උපරිම දක්ෂතා ප්රදර්ශනය කරමින් "ලොව විශිෂ්ටතම ගුවන් නියමුවා" යන ගෞරවනාමය දිනාගැනීම සඳහා ගුවන් යානා ක්‍රීඩා 2022 දේ ඔබ උත්සාහ දැරිය යුතුයි. ගුවන් තොටුපලෙන් අහසට නැගී, ගුවන් කරණම් දක්ෂ ලෙස ප්‍රදර්ශනය කරමින් නරඹන්නන්ගේ සිත් දිනාගැනීමට සියලුම ගුවන් නියමුවන් උත්සාහ කරයි.

ලොව විශිෂ්ටතම ගුවන් නියමුවා යන ගෞරවනාමය දිනාගැනීම සඳහා තරගකරුවන් රාශියක් උරෙනුර තරග වදී. එම සියලුම තරගකරුවන් මනා පළපුරුද්දක් සහ අධිෂ්ඨානයක් සහිතව කැපවීමෙන් කටයුතු කරයි. මේ ඒ සියලුම තරගකරුවන් පරාජය කිරීම සඳහා ඔබට ලැබෙන ඉතා වැදගත් අවස්ථාව මෙයයි.

පියාසර ක්රීඩාව ඉතාමත්ම සරලයි, නමුත් එය ඉතාමත් ම උද්යෝග ජනකයි; සිත්ගන්නාසුලුයි. නොනවතින ත්රාස්ය ත්රාසජනක සහ ඉතා උද්යෝගිමත් අත්දැකීමක් එකතු කර ගැනීම සඳහා ගුවන් තොටුපලේ ගුවන්ධාවන පථය ඔස්සේ ඉහළ ආකාශය වෙත ගුවන් යානය රැගෙන එන්න. ඉතා ක්රමානුකූල අනුපිළිවෙලක් ඔස්සේ පහසු ත්රිමාන සමාකෘතීන් පසුකරමින් අපහසු අභියෝගයන් වෙත ප්රවිශ්ඨ වීමට ඔබට සිදුවේ. පියවරෙන් පියවර ගුවන්යානා ක්රීඩා 2022 වඩාත් සංකීර්ණ වේ. හදිසි ගුවන්යානා ගොඩ බැස්සවීම සහ කඩා වැටුණු ගුවන්යානා මුදා ගැනීමේ මෙහෙයුම් වලට සාර්ථකව මුහුණ දීමට නම් ඔබට පුහුණුව, කැපවීම මෙන්ම දක්ෂතාවයද අත්යවශ්ය වේ.

ස්වයංක්රීය ගුවන්යානා නියමු පද්ධතිය මඟින් දේශාංශ හා අනෙකුත් දත්ත මෙන්ම අහසේ ඇති හෙලිකොප්ටර්යානා, කුරුල්ලන්, නියමුවන් රහිත ගුවන්යානා වැනි දේ පිළිබඳව නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනු ලැබේ. 2022 ගුවන් යානා සමාකෘතික ක්රීඩාව ලෝකයේ ඇති ඉතාමත්ම බිහිසුණු හා අනතුරුදායක ස්ථාන වලට පියාසර කිරීමටත්, වික්රමාන්විත ගුවන්යානා ක්රීඩාවේ සැබෑ කාලගුණික තත්ත්වයන් යටතේ ගුවන් යානා පියාසර කිරීමට අවස්ථාවක් ලබාදෙයි.

ගුවන්යානා ක්රීඩා 2022 හි නව විශේෂාංග රාශියක් සහිතයි. ගුවන්යානා ක්‍රීඩා අතර විශිෂ්ටතම ත්‍රිමාන සමාකෘතික ක්‍රීඩාවක් වන මෙහි සිත්ගන්නාසුලු ගුවන් හදිසි ගොඩබැස්සවීම්, බේරාගැනීමේ ගුවන් මෙහෙයුම්, ගුවන් සන්දර්ශන, ගුවන්යානා අනතුරු සමාකෘති සහ අභියෝගාත්මක කාලගුණික තත්වයන් සහිතයි. අනෙකුත් ගුවන්යානා ක්‍රීඩාවලට සාපේක්ෂව ඉහළ සජීවීකරණ අත්දැකීමක් ලබාදීම සඳහා නවීන තාක්ෂණික අංග රාශියකින් මෙම ගුවන්යානා ත්‍රිමාන සමාකෘතික ක්‍රීඩා 2022 සමන්විත වේ. එසේනම් ලෝකයේ හොඳම ගුවන් යානා අණදෙන නිලධාරියා වීමේ අවස්ථාවට ඔබ සූදානම්ද?
යාවත්කාලීන කළේ
2024 ජූනි 6

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
උපාංග හෝ IDs
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

ඇගයීම් සහ සමාලෝචන

3.1
සමාලෝචන ද14.6ක්

අලුත් මොනවාද

Easy levels introduced