හමුදා ටැංකි යුද ක්රීඩා

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
3.4
සමාලෝචන ද25.7ක්
මි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
10+ සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම ක්‍රීඩාව ගැන

බර අවි වලින් සමන්විත නවීන යුද ටැංකි සහ නවීන යුද උපකරණ භාවිතා කරමින් අධි ක්‍රියාකාරී සටන් කලාපයේ දී ත්‍රස්තවාදීන් සමග සමඟ යුධවැදීමට ඔබ සූදානම් ද ? අතිනවීන තාක්ෂණය භාවිතයෙන්, 3 වන ලෝක යුධ සමයේ සජීවී අත්දැකීම් ඔබ වෙත ගෙන එන මෙම ක්‍රීඩාව නැවුම් අංග ලක්ෂණ රාශියකින් සමන්විත වේ. සාම්ප්‍රදායික යුද ටැංකි සටන් හමුදා ක්‍රීඩා වලින් ඔබ්බට ගොස්, ආක්‍රමණශීලී උපාය මාර්ග සහ සන්නද්ධ හමුදා සැලසුම් යොදා ගනිමින් ත්‍රස්තවාදීන් විනාශ කිරීමටත් සතුරන් ප්‍රතිසංවිධානය වීම වැළැක්වීමටත් මෙම ක්‍රීඩාවේ දී ඔබට හැකියාව ලැබෙනු ඇත.

විවිධ විශේෂාංග රාශියකින් සමන්විත මෙහි තනි ක්‍රීඩක මෙන්ම බහු ක්රීඩක අවස්ථා පහසුකම ද ඔබට සමීප කරයි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ඔබට වඩා ඉහළ හෝ පහළ ලකුණු ලබා සිටින ක්‍රීඩකයන් සමග ද සන්නද්ධ ටැංකි සංග්‍රාමයේ යෙදීමට අවස්ථාව ලැබේ. මිතුරන් කිහිප දෙනෙකු සමඟ කරට කර සටන් කර ඉහල ලකුණු මට්ටම් කරා ලඟා වීමට ඔබ කැමතිද? 3 වන ලෝක යුද්ධයේ යුද ටැංකියක රණ ශූරයෙක් ලෙස සතුරන් සමග සටන් වැදීමට ඔබ සූදානම්ද?

තම හමුදා කදවුර සහ හමුදාවේ ආරක්ෂාව සඳහා සතුරන් සමග සටන් වදින ඔබට ගොඩනැගිලි ඉහළ සැඟවී ඇති ස්නයිපර් වෙඩික්කරුවන්ගෙන් මෙන්ම බර අවි ප්‍රහාර, මැෂින් තුවක්කු ප්‍රහාර ආදියෙන් ආරක්ෂා වීමටත් ඒ සඳහා ප්‍රති ප්‍රතිප්‍රහාර දක්වමින් වෙඩි තැබීමටත් අවස්ථාව ලැබේ. ක්‍රීඩාවේ විවිධාංගිකරණයක් ඇති කිරීම සඳහා සතුරාගේ උපාය මාර්ගයේ කොටසක් විය හැකි අවස්ථා මෙන්ම ගිනි නිවන භටයන්ගෙන් භටයන්ගෙන් සමන්විත මුදවා ගැනීමේ කණ්ඩායම් ද මෙම හමුදා ක්‍රීඩාවේ සටන් කලාපයේ ඇතුළත් වේ. ප්‍රතිවාදීන්ට ඕනෑම වේලාවක නව භටයින් බඳවා ගැනීම මගින් ඔවුන්ගේ ශක්තිය තර කර ගත හැකි අතර, ඔවුන් එසේ බාහිර ආධාර ලබා ගැනීමට පෙර ඔවුන්ගේ හමුදා බලය විනාශ කර සාමය උදා කිරීම සීතල යුද්ධයේ අරමුණයි.

සන්නද්ධ ටැංකි ක්‍රීඩාව, සරල පාලනයක් සහිත ගැඹුරු උපාය මාර්ග වලින් යුත් අති නවීන ග්‍රැෆික් යොදාගත් ඉතාමත්ම ශක්තිමත් ටැංකි වලින් සමන්විත ව ක්‍රීඩාශීලී ඔබගේ සටන් හැකියාවන් ඉහලටම ගෙන ඒම සඳහා ඔබව මාර්ගගත කරයි. මෙම ක්‍රීඩාවේ විශේෂත්වය වන්නේ අනෙකුත් යුධ ක්‍රීඩාවන් මෙන් වෙඩි තැබීම පමණක් ම උපයෝගී කරගනිමින් යුද ටැංකි විනාශ කිරීම වෙනුවට, සතුරන්ගේ මීළඟ පියවර පිළිබඳ අවධානයෙන් සිටීමත් සතුරන්ගේ දුර්වලතා හඳුනාගෙන දුර්වල අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන සටන් කිරීමත්ය. එසේ ම ඔබගේ හැකියාවන් සහ ආයුධ බලය නිසිසේ තක්සේරු කොට ප්‍රහාර එල්ල කළ යුතු වේ. උදාහරණයක් ලෙස, ඔබ ඔබගේ උන්ඩ වැය කරන්නේ මේ වන විටත් අක්‍රියව පවතින විනාශව ගිය සතුරු යුද ටැංකියක් වෙනුවෙන් විය හැක. එවැනි අවස්ථා අවබෝධ කොට උපක්‍රමශීලීව ඉදිරියට ගමන් කිරීම යුද සමාකරණය සඳහා යුද ක්‍රීඩාවේ දී අනිවාර්ය වේ.

සන්නද්ධ රථ සටන් කරන රටවල් හි අත්‍යවශ්‍ය බලවේගයක් බවට පත්විය. සතුරු රටවල් සහ මිතුරු රටවල් තරගකාරී අයුරින් තම තමන්ගේ යුද ටැංකිවල බලය සහ යුද ටැංකි සංඛ්‍යාව වැඩිකර ගැනීමේ ප්‍රයත්නයේ යෙදී සිටියහ.

ගැෆික් තුන්වන ලෝක යුද්ධයේ දී එම ඉතිහාසය වෙනස් කිරීමේ අවස්ථාව ඔබට උදා වේ. සීතල යුද්දයේ යුධ පුරාවෘත්තයක් බවට පත්වී ඉක්මනින් ලොවට සාමය උදා උදාකිරීමේ අවස්ථාව ඔබට ලැබේ. මිතුරු රටවල් සමඟ එක්වී සතුරු රටවල් වලට එරෙහිව යුද වැදීමටත් ඔවුන්ගේ හමුදාවන් විනාශ කරමින් ඔබගේ ටැංකිය මාර්ගගත කිරීමටත් ඔබට හැකිවිය යුතුයි. තුන්වන ලෝක යුද්ධයේ සන්නද්ධ හමුදාවන් කිහිපයක අණදෙන නිලධාරියකු හා රණශූරයෙක් ලෙස යුද ටැංකි ක්‍රීඩාවේ සටන් කර ලොවට සාමය උදා කිරීමට ඔබ සූදානම් ද? එසේනම් මේ ඔබගේ අවස්ථාවයි.
යාවත්කාලීන කළේ
2024 ජූලි 9

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
උපාංග හෝ IDs
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

ඇගයීම් සහ සමාලෝචන

3.4
සමාලෝචන ද24.1ක්