හෙළකුරු - හෙළ බහුකාර්ය යෙදුම

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.0
සමාලෝචන ද132ක්
මි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
යෞවන
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Super App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 10 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.

Typing
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම

Payments
⭐ හෙළPay - ශ්‍රී ලාංකේය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව

Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළAds - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව

Tools
⭐ ශබ්දකෝ​ෂ - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම

Information
⭐ කොරෝනා තතු - වසංගත තත්ත්වයේ සියලු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ පහසුක​ම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි

හෙළකුරු ගැන සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය 👉 http://m.me/helakuru

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk
යාවත්කාලීන කළේ
2024 ජූනි 13

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු, සහ මූල්‍ය තතු
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.0
සමාලෝචන ද128ක්
Sujith priyankara Wijesinghe
2024 ජූනි 8
මෙය ඉතාම වටිනා යෙදුමක් මේ තුලින් සිංහල ඕනෑම වචනයක් පහසුවෙන් ටයිප් කල හැකියි
පුද්ගලයින් 3කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Asela Nimanthan
2024 ජූනි 1
Good
පුද්ගලයින් 2කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
is Rathnayaka සේපාළි රත්නායක
2024 මැයි 5
අපකීප දෙනෙකුට පුයෝඡනවත් විය
පුද්ගලයින් 11කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

11.3.4 නවතම වෙනස්කම්:
- එසැණ: ඔබට දැන් comment කරන අතරතුර අන් අයව mention කිරීමටත්, වෙනත් අයෙකු ඔබව mention කළහොත් ඒ ගැන Notification හරහා දැනගැනීමටත් හැකියි.
- හෙළPay Chat: ඔබේ chat messages වල දිනය දැන් ඔබට දැකගත හැකියි.