රාම් තේරී ගංගා මයිලි

1985 • මිනිත්තු 170
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

රාම් තේරී ගංගා මේලී යනුවෙන් හැඳින්වෙන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කළ 1985 ඉන්දියානු හින්දි-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදුකරන්නේ මන්දාකිනී සහ රජීව් කපූර් විසිනි. මෙම චිත්‍රපටය උදෙසා සංගීත අධ්‍යක්ෂක රවීන්ද්‍ර ජෛන් හට ෆිල්ම්ෆෙයාර් සම්මානයක් හිමි විය.
මෙම චිත්‍රපටය අතිශයින්ම ආන්දෝලනාත්මක නිර්මාණයක් වූයේ එහි මන්දාකිනී මව්කිරි ලබාදෙන සහ දුහුල් සාරියකින් සැරසී ස්නානය කරන දර්ශන අන්තර්ගත වීම නිසායි. එය එකල ඉන්දියානු චිත්‍රපට වාරණ මණ්ඩලය හට එතරම් හුරුපුරුදු දසුනක් නොවී ය. එහෙත් මුලින් එයට U වයස් සීමාව ලබාදුන් අතර, පසුව එය U/A ලෙස වෙනස් කෙරිණ. මෙය රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය ද වේ.
රාම් තේරී ගංගා මේලී චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ ඉහළම ආදායම් වාර්තා ඉපැයූ බ්ලොක්බස්ටර අතුරින් එකකි. එසේම මෙය එම වර්ෂයේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය ද වේ. ක්‍රාන්ති සහ මේනේ ප්‍යාර් කියා යන චිත්‍රපට සේම මෙම චිත්‍රපටය ද 1980 දශකයේ ඉහළම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතුරින් එකකි.