රෝයි

2015 • මිනිත්තු 140
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

රෝයි යනු 2015 ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ආධුනික අධ්‍යක්ෂක වික්‍රම්ජිත් සිං විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ භූෂන් කුමාර්, ක්‍රිෂාන් කුමාර්, දිව්‍යා ඛෝස්ලා කුමාර් සහ අජේ කපූර් විසින් ෆ්‍රීවේ පික්චර්ස් යටතේ ය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අර්ජුන් රාම්පාල් සහ ජැකලීන් ෆර්නැන්ඩස් විසිනි. මෙහි තේමා චරිතය රන්බීර් කපූර් විසින් ද, සෙසු සහාය චරිත ෂේර්නාස් පටෙල්, රාජිත් කපූර් සහ ෂිබානි දණ්ඩේකාර් විසින් ද නිරූපණය කරනු පබයි. අනූපම් ඛේර් ද පසුබිම් රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ සොරකම් සහ මංකොල්ලකෑම් පිළිබඳ රචනය සහ චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදුකරන චිත්‍රපට නිර්මාණකරුවකු පිළිබඳවයි. චිත්‍රපටයේ මංගල දර්ශනය 2015 පෙබරවාරි 12 දින ඩුබායිහි දී ප්‍රදර්ශනය කෙරුණු අතර, 2015 පෙබරවාරි 13 සිට ලොව පුරා පදර්ශනයට මුදාහැරිණි.