ජෝධා අක්බර්

2008 • මිනිත්තු 213
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

ජෝධා අක්බර් යනු ආශුතෝෂ් ගෝවාරිකර් විසින් සම-රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2008 ඉන්දියානු ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රිතික් රෝෂන්, ඓශ්වර්යා රායි සහ සෝනු සූද් විසිනි. චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹියේ කර්ජාට්හි වන අතර 2008 පෙබරවාරි 15 දින එය මුදාහැරිණි.
චිතපටය ගෙතී ඇත්තේ රිතික් රෝෂන් විසින් චරිත නිරූපණය කරන මූඝල් අධිරාජ අක්බර් සහ ඓශ්වර්යා රායි විසින් නිරූපණය කරන ඔහුගේ බිසවක බවට පත්වන මරියම්-උස්-සමානි කුමරිය අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවයයි. විචාරක පැසසුම් ලත් සංගීත නිර්මාණකරුවකු වන ඒ. ආර්. රහ්මාන් විසින් මෙහි සංගීත නිර්මාණය සිදුකරන ලදී. චිත්‍රපටයේ ධ්වනිපථය 2008 ජනවාරි 19 දින මුදාහැරිණි.
මෙම චිත්‍රපටය සාඕ පාඔලෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම විදේශ චිත්‍රපටය සඳහා වන ප්‍රේක්ෂක සම්මානය හිමි කරගත් අතර, ගෝල්ඩන් මින්බාර් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී සම්මාන දෙකක් ද, ස්ටාර් ස්ක්‍රීන් සම්මාන හතක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් ද හිමි කරගත්තේ ය. එසේම 3වන ආසියානු චිත්‍රපට උළෙලේ දී නිර්දේශ දෙකක් ද හිමි කරගත්තේ ය.