මගධීරා

2009 • මිනිත්තු 158
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

මගධීරා යනු කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් විසින් රචනා කරන ලද සහ එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2009 ඉන්දියානු තෙලිඟු-භාෂා ප්‍රේම වෘත්තාන්ත-ක්‍රියාදාම චිත්‍රපටයකි. පුනරුත්පත්තිය තේමා කරග්ත මෙම චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ ගීතා ආට්ස්හි අල්ලු අරවින්ද් විසිනි. රාම් චරන් සහ කාජල් අගර්වාල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, දේව් ගිල් සහ ශ්‍රීහරි ද සෙසු ප්‍රමුඛ චරිත නිරූපණය කරති. මෙහි කතාව දිවෙන්නේ ප්‍රධාන පුද්ගලයන් හතර දෙනකු වටායි: කුමරියකගේ ආරක්ෂාව භාරව සිටින නිර්භීත සෙබලෙක්, ඔහුට පෙම් කරන එම කුමරිය, ඇය කෙරෙහි ආශාවෙන් සිටින ඇගේ ඥාති සොහොයුරා සහ ඔවුන්ගේ රාජධානිය යටත් කරගන්නට අවැසිව සිටින අධිරාජයකු එම චරිත හතර වේ. තම බලපොරොත්තු සඵල කරගැනීමට පෙර මේ සියලුදෙනාම මියයන අතර, වසර 400කට පසු ඔවුහු නැවත උපත ලබති. එහි දී නැවත උපන් අධිරාජයාගේ සහාය ඇතිව කුමන්ත්‍රණකාරී ඥාති සොහොයුරා මරාදමන සෙබලා කුමරිය සමග යළි එක්වේ.
මිලියන 350ක පිරිවැයක් දරා නිපදවූ මෙහි නිෂ්පාදන කටයුතු 2008 මැයි 2 දින ආරම්භ විය. ප්‍රධාන ඡායාරූපකරණය 2008 මාර්තු 19 දින ඇරඹිණි. මෙහි සිනෙමාරූපණය කේ. කේ. සෙන්තිල් කුමාර් විසින් ද, සංස්කරණය කෝටගිරි වෙන්කටේස්වරා රාඕ විසින් ද සිදුකරන ලදී. නිෂ්පාදන සැලසුම ආර්. රවීන්දර් විසින් සිදුකළ අතර, ක්‍රියාදාම ජවනිකා අධ්‍යක්ෂණය කරන ලද්දේ පීටර් හෙයින් සහ රාම්—ලක්ෂ්මණ් දෙපළ විසිනි.