කහානි

2012 • මිනිත්තු 122
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

කහානි යනු සුජෝයි ඝෝෂ් විසින් සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2012 ඉන්දියානු හින්දි-භාෂා අබිරහස් සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන විද්‍යා බාලන්, සත්‍යෝකි "රාණා" සිංහා සහ ඛාන්ගේ සහාය ඇතිව කොල්කතාවේ දුර්ගා පූජා උත්සවය අතරතුර සිය නැතිවූ සැමියා සොයන විද්‍යා බාග්චි නම් ගර්භනී කාන්තාවගේ චරිතය නිරූපණය කරයි.
80 මිලියන ක පිරිවැයක් දරා නිපදවූ කහානි පිළිබඳ සංකල්පය සහ සංවර්ධනය සිදුකළේ ඝෝෂ් විසිනි. ඔහු අද්වෛතා කාලා සමග එක්ව චිත්‍රපටයේ සම-රචනය ද සිදුකළේ ය. කොල්කතා නගරයේ වීදිවල රූගත කිරීම්වල දී චිත්‍රපට කණ්ඩායම බොහෝවිට ගරිල්ලා චිත්‍රපට නිමැවුම් ක්‍රමය අනුගමනය කළේ අවධානය තමන් දෙසට යොමුවීම වළක්වා ගැනීමටයි. මෙම චිත්‍රපටය නගරය දක්ෂ ලෙස නිරූපණය සහ ප්‍රදේශයේ ජනයා හා රංගන ශිල්පීන් රැසක් යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රකට විය. කහානි මගින් පුරුෂාධිපත්‍යයෙන් යුත් ඉන්දියානු සමාජයේ ස්ත්‍රීවාදී සහ මාතෘවාදී තේමාවක් නිරූපණය කෙරේ. මෙම චිත්‍රපටය තුළ සත්‍යජිත් රායි චාරුලතා සහ ආරන්‍යර් දින්රාත්‍රී වැනි චිත්‍රපට පිළිබඳ ඉඟිලෑම් ද සිදු කෙරේ.
2012 මාර්තු 9 දින කහානි ලොවපුරා මුදාහැරිණි. මෙහි තිරරචනය, සිනෙමාරූපණය සහ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය විචාරක පැසසුම් හිමි කරගත්තේ ය. විචාරක පැසසුම් සහ මුඛ්‍ය ජනප්‍රියත්වයෙන් පසු මෙම චිත්‍රපටය දින 50ක් ඇතුළත ලොවපුරා 1.04 බිලියන ක ආදායමක් උපයාගත්තේ ය.