ෆයර්

1996 • මිනිත්තු 104
PG-13
ඇගයීම
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

ෆයර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ දීපා මේහ්තා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 1996 ඉන්දු-කැනේඩියානු ශෘංගාරාත්මක ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ශබානා ආස්මි සහ නන්දිතා දාස් විසිනි. මෙය මේහ්තාගේ එලිමන්ට්ස් ත්‍රිත්වයට අයත් පළමු චිත්‍රපටයයි; මෙම චිත්‍රපටයෙන් අනතුරුව අර්ත් සහ වෝටර් චිත්‍රපට නිර්මාණය විය.
මෙම චිත්‍රපටය දළ වශයෙන් ඉස්මත් චුඝ්තායිගේ 1942 කථාවක් වූ, ලිහාෆ් ඇසුරෙන් නිර්මාණය වූවකි. ෆයර් ‍යනු ප්‍රබල වශයෙන් සමලිංගික සබඳතාවයක්, විශේෂයෙන්ම ස්ත්‍රී සමලිංගික සබඳතාවයක් නිරූපිත ප්‍රථම බොලිවුඩ් මුඛ්‍යධාරා චිත්‍රපට අතුරින් එකකි. 1998 මෙය ඉන්දියාව තුළ මුදාහැරීමෙන් අනතුරුව, විවිධ ක්‍රියාකාරීන් විසින් මෙම චිත්‍රපටයට එරෙහි විරෝධතා ගණනාවක් සංවිධානය කළ අතර, එය සමලිංගිකත්වය සහ කථා කිරීමේ අයිතිය වැනි මාතෘකා පිළිබඳ මහජන සංවාදයක් ඇතිකිරීමට හේතු විය.
ඇගයීම
PG-13