මෙම දර්ශනය ගැන

එම්ප්‍රස් කි යනු කොරියානු ව්‍යාජ-ඓතිහාසික රූපවාහිනී මාලානාට්‍යයකි. මෙහි ප්‍රධාන නිළිය වන හා ජි-වොන් විසින් ගි අධිරාජිනියගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙය 2013 ඔක්තෝබර් 28 දින සිට 2014 අප්‍රේල් 29වන දින දක්වා දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 51කින් යුක්තව විකාශය කරන ලදී.
මුලින් මෙම නාට්‍යය සදහා යොදා තිබුණේ හ්වාතු යන නාමයයි. නමුත් එය පසුව “එම්ප්‍රස් කි ” ' ලෙස වෙනස් කරන ලද්දේ එයට සමාන නමක් තිබූ ප්ලේයිං කාඩ්ස් නාට්‍යය සමග වරදවා වටහා ගැනීම වැළැක්වීමටයි.