මෙම දර්ශනය ගැන

ක්වීන් ඉන්සූ යනු හාම් ඉයුන්-ජුං, චේ ෂි-රා, කිම් යොං-හෝ, කිම් මි-සූක්, බෙක් සුං-හ්යුන් සහ ජොන් හ්යේ-බින් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන 2011 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙමගින් ජොසොන් රාජවංශයේ රාජ මාලිගයේ විසූ කාන්තාවන් තිදෙනකුගේ බිහිසුණු බල අරගලයක් පිළිබඳ නිරූපණය වේ. 2011 දෙසැම්බර් 3 සිට 2012 ජූනි 24 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල 20:55ට විකාශය වූ‍ මෙය කථාංග 60කින් සමන්විත විය. මෙය එකල අලුතෙන් ආරම්භ කෙරුණු ජුංඇං තොංග්යැං විකාශන සමාගම හෙවත් jTBC නැමැති කේබල් රූපවාහිනී නාළිකාවේ ආරම්භක නාට්‍ය අතරින් එකකි.
මෙම රූපවාහිනී කතාමාලාව රචනා කරන ලද්දේ ජුං හා-යොන් විසිනි. ලී තේ-ගොන්, නෝ ජොං-චන් සහ කිම් ජේ-හොං යන අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙම කතාමාලාව අධ්‍යක්ෂණය කරන ලදී. ඩ්‍රාමාහවුස් නැමැති ආයතනය මෙහි නිෂ්පාදන සමාගම ලෙස සැලකෙයි.
මෙහි චේ ෂි-රා විසින් ඉන්සූ රැජිනගේ චරිතය නිරූපණය කළ අතර, ඇය විසින්ම එම චරිතය 1998-2000 කාලාන්තර නාට්‍යයක් වූ ද කිං ඇන්ඩ් ද ක්වීන් නැමැති ජුං හා-යොන් විසින් රචිත කතාමාලාවේ ද නිරූපණය කොට තිබිණි. ඇය පැවසූයේ‍ ඇය මෙම කතාමාලාවට එකතු වූයේ එම චරිතය පිළිබඳ වැඩිදුර ගවේෂණයට ඇති ආශාව නිසා බවයි. "මෙම මාලා නාට්‍යයෙන් ඉන්සූ රැජිනගේ වඩාත් මහත් අපේක්ෂා සහිත පැත්ත නිරූපණය වේ. ඇගේ සිහිනය ජොසොන් රාජවංශයේ පරම පාලකයා වීමටයි.