මෙම දර්ශනය ගැන

ඩ්‍රීම් හයි යනු 2011 දී කේ බී එස් 2 ආයතනය විසින් ප්‍රචාරණය ලද දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි. මෙහි මිස් ඒ කණ්ඩායමේ බේ සුසී, කිම් සූ හ්යන්, ටී-ආරා කණ්ඩායමේ ඉඋන් ජන්ග්, අයි යූ, සහ 2 පී එම් කණ්ඩායමේ ටේසියොන් සහ වූයංග් යන නලු නිලියන් මුහුනුවර ගෙන තිබෙයි.
මෙම නාට්‍ය නව යොවුන් ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය වූ අතර එහි ද්වී මාසික තිරගත කිරීමේදී 18-20% ක නරඹන්නන්ගේ තක්සේරුවකට ලක් විය. 2011 මාර්තු 1 දින, එනම් කතා මාලාවේ අවසානයට පසු දින, ඩ්‍රීම් හයි ස්පෙශල් කොන්සර්ට් යනුවෙන් කතා මාලාවේ විශේෂ කතාංගයක් නළු නිලි කැල එකතුව සෝල් නගරය ආසන්නයේ වේදිකාවක ඉදිරිපත් කලහ.
ඩ්‍රීම් හයි කතා මාලාවට අනුරූපීව වසරකට පසුව වෙනස් නළු කැලක් සමගින් ඩ්‍රීම් හයි 2 යනුවෙන් නව කතා මාලාවක්ද ප්‍රචාරය විය.
කේ බී එස් 2 ආයතනයේ සහෝදර ආයතනයක් වන කේ බී එස් 1 ආයතනය මගින් 2013 අගෝස්තු 12 සිට සැප්තැම්බර් 5 වන දින දක්වා මෙම නාට්‍යයේ නැවත විකාශනය කරන ලදි.