ජීපීඑස් ස්ථාන ගබඩාව

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.7
සමාලෝචන ද20.6ක්
මි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ජීපීඑස් ස්ථාන ගබඩාව - යෙදුමේ නමින් ඔබට එහි කාර්ය වටහා ගත හැකියි.මේ ඔබ යන එන ස්ථාන මතක තබා ගැනීමට ඔබට උපකාර විය හැකි ඔබේ පෞද්ගලික මග පෙන්වනායි.

ඔබ කැමතිම ස්ථාන සුරැකිව තබාගන්න.ඔබේ වාහනය නැවැත්වූ ස්ථානය අමතක නොකරන්න.වැදගත් ස්ථාන ඔබේ මිතුරන් හා බෙදා ගන්න.

ජීපීඑස් ස්ථාන ගබඩාව යෙදුමෙන් ඔබට කළ හැකි දේ

ස්ථානය මතක තබා ගැනීම සහ බෙදා ගැනීම
ඔබ දැන් සිටිනා ස්ථානය එක ස්පර්ශයකින් ඉහල නිරවද්‍යතාවකින් යුතුව සුරැකිව තබා ගන්න.

ඔන්ලයින් /ඕෆ්ලයින් සහය
අන්තර්ජාල සම්බන්ධය ඇතිව හෝ නැතිව මෙම යෙදුම ක්‍රියා කරයි.අන්තර්ජාල සම්බන්ධය නොමැතිව  අලුත් ස්ථානයක් ඔබට සුරැකිව තබා ගත හැකියි,(අන්තර්ජාල සම්බන්ධය නැතිව ජීපීඑස් මගින් ස්ථානය හඳුනා ගැනීමට වැඩි කාලයක් වැය වනු ඇත )  

ස්ථානයේ විස්තර සුරැකිව තබා ගන්න
ස්ථානය පිලිබඳ වැදගත් විස්තර වන අක්ෂාංශ, දේශාංශ,නම,ලිපිනය සහ ඡායාරූප සුරැකිව තබා ගත හැක

සුරැකි ස්ථාන පිලිබඳ තොරතුරු වෙනස් කරන්න
ඔබ සුරැකි ස්ථාන පිලිබඳ විස්තර පහසුවෙන් වෙනස් කිරීමත් අනවශ්‍ය ස්ථාන ඉවත් කිරීමත් කල හැක.

ඔබේ ස්ථාන වර්ගීකරනය කරන්න
ඔබේ කැමතිම ආපනශාලාවක් හෝ නැරඹීමට කැමති ස්ථාන තිබේද? ඉදිරි භාවිතය සඳහා ඒවා නිසිලෙස වර්ග කර තබාගන්න  

විවිධ ස්ථාන වර්ග
මාර්ග සිතියම, චන්ද්‍රිකා සිතියම,දෙමුහුන් සහ භූමිය  යන ආකාර වලින් ඔබට සිතියම් වර්ග දැකිය හැක.

කැමතිම ස්ථාන
ඔබ කැමතිම ස්ථාන මතක තබා ගැනීමට ඔබේ ස්ථානය “කැමතිම” කාණ්ඩයට එකතු කරන්න. “කැමතිම” අතුරු මුහුණත හරහා එම ස්ථාන වලට ඉක්මනින් සම්බන්ධ වන්න.

ස්ථාන වලට ගමන් කරන්න
ජීපීඑස් ස්ථාන ගබඩාව යෙදුම හරහා ඔබට යායුතු ස්ථාන වෙත ගමන් කිරීමට ඉක්මන් හා පහසුම මාර්ගය තෝරාගන්න.
 
යෙදුමට ප්‍රවේශ වීම හා  ස්ථාන සමමුහුර්තකරනය
යෙදුමට ප්‍රවේශ වී ඔබ කැමතිම ස්ථාන වලට ඕනෑම උපාංගයකින් සම්බන්ධ වන්න.  

ස්ථාන ආයාත හා ප්‍රතියාත කරන්න
ස්ථාන පිලිබඳ සියලු දත්ත පහසුවෙන් CSV ගොනුවකට ප්‍රතියාත කිරීමෙන් එම දත්ත පහසුවෙන් ඔබට භාවිතා කල හැකියි. ඔබේ ස්ථාන පිරිසක් සමග බෙදා ගැනීමට අවශ්‍යද? මේ අංග ඔබට බෙහෙවින් උපකාරී වෙයි.

සහය /ප්‍රතිචාර /නව අංග පිලිබඳ  යෝජනා
ඔබගේ අදහස් අපි ඉතා අගය කරමු. ඔබේ ප්‍රතිචාර හා ගැටළු යෙදුමේ ඇති කෙටි පණිවිඩ සේවාව හරහා අපට යොමු කරන්න.යෙදුම වැඩි දියුණු කිරීමට නව යෝජනා තිබේද ? එම යෝජනා වලට සවන් දීමට අපි බලාපොරොත්තුවෙන් සිටින අතර හැකි උපරිම සේවය ඔබට ලබා දීමට අපි උත්සහ කරමු.

යෙදුම භාවිතා කල හැකි ආකාර :

◇ පළමු වරට අලුත් මිතුරෙක් හමු වීමට යනවාද? Save Location යෙදුම ඔබට අවශ්‍ය ස්ථානය ඉතා නිවැරදි ලෙස පෙන්වා එහි විස්තර සුරකින අතර ඔබේ ඊළඟ හමුවේදී එම විස්තර නැවත භාවිතා කල හැක.යෙදුම මගින් දිනයත් මතක තබා ගන්නා නිසා ඔබ අවසන් වරට මිතුරන් හමු වූ දිනයත් ඔබට හඳුනා ගත හැකියි.

◇ නගරයේ ඇති හොඳම ආපනශාලාව සොයාගෙන ඔබේ මිතුරන් එහි කැඳවාගෙන යාමට කැමතිද?ස්ථානය යෙදුමේ සුරැකිව තබාගෙන මිතුරන් සමග බෙදාගන්න.එවිට ඔබ හමුවිය හැකි ස්ථානය මිතුරන් දැනගනීවි.

◇ ස්ථාන පිලිබඳ සියලු දත්ත ආරක්ෂිතව ගබඩා වන නිසා එම විස්තර ඔබ සහ ඔබට අවශ්‍ය අය අතරේ පමණක් හුවමාරු කරගත හැකියි.

◇ ව්‍යාපාරිකයන්, කණ්ඩායම් නායකයන්,ක්‍රියාකාරීන් ,තම පවුල සහ මිතුරන් සමග කාලය ගත කිරීමට අවශ්‍ය අයට මෙම යෙදුම ඉතා උපකාරී වනු ඇත. ඔබ සිටි සියලු ස්ථාන අන් අය සමග බෙදා ගන්නේ කෙසේදැයි ඔබ සිතමින් සිටියාද?මේ ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි.

ජීපීඑස් ස්ථාන ගබඩාව යෙදුම ඔබේ ඇපල් උපාංගය සඳහා මෙතනින් බාගත කරගත හැක. http://apple.co/2ADB0X8
යාවත්කාලීන කළේ
2024 ජූනි 26

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
යෙදුම් ක්‍රියාකාරකම
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.7
සමාලෝචන ද20.1ක්

අලුත් මොනවාද

වඩා පහසු හා කාර්යක්ෂම සේවාවක් සඳහා අප විසින් මෙම යෙදුම නිතරම යාවත්කාලීන කරනු ලැබේ.
කරුණාකර ඔබේ ගැටළු,ප්‍රතිචාර, නව අංග පිලිබඳ යෝජනා, support@rayoinnovations.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.