විද්යාත්මක කැල්ක්යුලේටරය PRO

4.8
සමාලෝචන ද7.52ක්
ද100+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ඔබ සොයන්නේ පහසුවෙන් භාවිතා කලහැකි ප්‍රස්තාරික ගණක යන්ත්‍රයක්ද? මෙය ඔබේ විසඳුමයි! Mathlab විසින් හඳුන්වා දෙන මෙම ප්‍රස්තාරික ගණක යන්ත්‍රය වීජ ගණිතය සහිත විද්‍යානුකූල ගණක යන්ත්‍රයකි. මෙය කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ පන්තියේ සිට විශ්ව විද්‍යාලය දක්වාම, එමෙන්ම සාමාන්‍ය ගණක යන්ත්‍රයකට වඩා වැඩි යමක් බලපොරොත්තු වන ඕනෑම කෙනෙකුට නැතුවම බැරි ගණිතමය මෙවලමකි.

මෙම නිර්මාණයෙහි අරමුණ මිල අධික වූ විශාල වූ ප්‍රස්තාරික ගණක යන්ත්‍රය වෙනුවට සැබවින්ම ඇන්ඩ්‍රොඉඩ් ජංගම දුරකතන හා ටැබ්ලට් හි භාවිතා කලහැකි මෙවලමක් හඳුන්වා දීමයි. තවද Mathlab විසින් හඳුන්වා දෙන මෙම ප්‍රස්තාරික ගණක යන්ත්‍රය ගණනය කිරීමේ විස්තර ඇන්ඩ්‍රොඉඩ් තිරයේ විදහා දක්වීම නිසා ගණනය අවබෝධ කරගැනීම පහසුවේ. මෙහි විශේෂ ලක්ෂණ දෙකකි. (1) ඔබ අතුලත් කරන සමීකරණ‍යේ අතරමැදි ගණනය කිරීම් පවා විදහා දක්වන කදිම විද්‍යානුකූල ගණක යන්ත්‍රයකි. මෙයින් ගණනය සිදුවන ආකාරය මෙන්ම අවසන් පිළිතුර ලබාගැනීමට ශිෂ්‍යන්ට මග පෑදේ. (2) ප්‍රස්තාරික හැකියාව නිසැකවම විශිෂ්ටයි! එයින් ඉතා අලන්කාරම ප්‍රස්තාර විදහා දක්වනවා මෙන්ම එයට අදාල X,‍Y අක්ෂ සහ ඒවා‍යේ අගයන්ද ගණනය කර පෙන්ව‍යි.

උපදෙස් සහ නිදසුන් සඳහා: https://help.mathlab.app
http://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https://help.mathlab.app

PRO සංස්කරණයේ විශේෂ ලක්ෂණ:
* ත්‍රිමාන ප්‍රස්තාර.
* නියත අගයන් සහ ශ්‍රිත ආදී දත්ත ගබඩා කිරීමේ හැකියාව.
* අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවීම.
* ප්‍රචාරක දැන්වීම් වලින් තොරවීම.

විද්‍යානුකූල ගණක යන්ත්‍රය
* අංක ගණිතමය ප්‍රකාශනයන් +, -, *, /, ÷
* වර්ගමූලය, ඝනය හා අනෙකුත් ඉහල මූලයන් (√ ඔබාගෙන සිටින්න )
* ඝාතීය ශ්‍රිතය, ලඝු (ln, log)
* ත්‍රිකෝණමිතික ශ්‍රිතය sin π/2, cos 30°,...
* බහුවලයික ශ්‍රිතය sinh, cosh, tanh, ... ('e' ඔබාගෙන සිටීමෙන් වෙනස්වේ)
* ප්‍රතිලෝම ශ්‍රිතය ( ‘direct function’ ඔබාගෙන සිටින්න )
* සංකීර්ණ සංඛ්‍යා, සංකීර්ණ සංඛ්‍යාවල විස්තාරයන් සම්බන්ධ සියලුම ශ්‍රිතයන්
* වියුත්පන්න , sin x' = cos x, ... ( x^n ඔබාගෙන සිටින්න)
* විද්‍යාත්මක ප්‍රකාෂයන් (ක්‍රියාත්මක කරගත යුතුව ඇත )
* ප්‍රතිශත ලෙසින්
* දත්ත ගබඩා කිරීම සහ ආපසු ලබා ගැනීම

ප්‍රස්තාරික ගණක යන්ත්‍රය
* බහුගුණ ශ්‍රිත ප්‍රස්තාරගත කිරීම
* ගම්‍ය ශ්‍රිත දෙවන මාත්‍රය දක්වා(ellipse 2x^2+3y^2=1, etc.)
* ධ්‍රැවක ශ්‍රිතය (r=cos2θ)
* පරාමිතික ශ්‍රිත , සෑම සමීකරණයක්ම නව පෙළක ඇතුලත් කරන්න (x=cos t, y=sin t)
* ප්‍රස්තාරයක ශ්‍රිතයන්ගේ මුලය සහ අවධි ලක්ෂ. ශ්‍රිතයේ වම්පසින් ඇති කතිර කොටුවේ සළකුණු කිරීමෙන් ප්‍රස්තාරයෙහි ඛණ්ඩාන්ක දැකගත හැක. ඉහළින් ඇති ප්‍රස්තාර සලකුනෙන් සියලු ඛණ්ඩාන්ක ලබා ගත හැක.
* ශ්‍රිතයෙහි අගයන් සහ අනුක්‍රමනය අනුරේඛනය කිරීම
* පරිමාණය වෙනස් කල හැකි ප්‍රස්තාර
* විශාල කර බැලීමේ හැකියාව
* සම්පූර්ණ ප්‍රස්තාරය තිරයේ දික් අතට නැරභීම
* ශ්‍රිතයෙහි වගුව
* ප්‍රස්තාර රූපමය ආකරයෙන් ගබඩා කිරීම
* වගුව CSV ආකාරයෙන් ගබඩා කිරීම

භාග සංඛ්‍යා ගණනය කිරීම
* සාමාන්‍ය භාග සහ විෂම භාග 1/2 + 1/3 = 5/6
* මිෂ්‍ර භාග, සංඛ්‍යා අතර ඉඩක් තබන්න 3 1/2

වීජීය ගණනය
* ඒකජ සමීකරණ x+1=2 -> x=1
* වර්ගජ සමීකරණ x^2-1=0 -> x=-1,1
* බහු පද ප්‍රකාශයන්හි ආසන්න මූලයන්
* ඒකජ මූලයන්හි ක්‍රියා පටිපාටිය, සෑම සමීකරනයක්ම නව පෙළක ඇතුලත් කරන්න, x1+x2=1, x1-x2=2
* බහුපද ප්‍රකාශන දීර්ඝ බෙදීම
* බහුපද ප්‍රකාශන ප්‍රසාරණය කිරීම සහ සාධක

න්‍යාස ගණනය
* න්‍යාස සහ දෛශික ක්‍රියා
* තිත් ගුණිතය (* ඔබාගෙන සිටින්න ), කතිර ගුණිතය
* නිෂ්චායක, ප්‍රතිලෝමය, ප්‍රතිමානය, පෙරළුම, අනුරේඛය

පුස්තකාලය
* ගබඩා කල නියත අගයයන් සහ ශ්‍රිත
* ප්‍රකාශ ගබඩා කිරීම සහ යළි ලබාගැනීම
යාවත්කාලීන කළේ
2023 ජූලි 16

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
උපාංග හෝ IDs
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
යෙදුම් ක්‍රියාකාරකම, යෙදුම් තතු සහ කාර්යසාධනය, සහ උපාංග හෝ IDs
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

ඇගයීම් සහ සමාලෝචන

4.8
සමාලෝචන ද6.72ක්

අලුත් මොනවාද

Material3 theme